Wednesday, September 5, 2012


ටීකා සිවුපද

විවිධ සමාන පද  ප්‍රබන්ධකර දිගින් දිගට නොනවත්වා ගායනා කරන කවි ටීකා සිවුපද නමින් හැඳින්වේ ගැමි කාන්තාවන් හා පිරිමින් නොයෙක් ආකාරයේ වැඩ කටයුතු වල යෙදුන අවස්ථාවන් හිදි මෙම කවි ගායනා කල අතර අරථ රසයට වඩා ශබzද රසය  මෙහි පැහැදිලිව දැක්ක හැකිය ඒ නිසා ගායනා කරන විට කනට මිහිරක් දැනේ

කජු වාරයක්ද කොස් වාරයනක්ද දෙල් වාරයක්ද 
 අඹ රඹුටන් මොර හිඹුටු විරයක්ද මොන හත්වලාමක
වාරයක්ද කියන්ඩ මම දන්නේ නැ 

වාරේ කුරුඳු අරගෙන මම යන කලට අලි ගිය පාරක්ද කොටින් ගිය පාරක්ද
මුවන් ගිය පාරක්ද ගොනුන් ගිය පාරක් ද  නයි පොළගුන් ගිය පාරක්ද
මොන විදියේ පාරක්ද කියන්ඩ මම දන්නේ නෑ
පාර වැරදිලා ගියේ කටුගස්තොටට
රත්රන් මාලයක්ද රිදී මාලයක් ද තඹ මාලයක්ද පිත්තල මාලයන්ද මුතු මැනික් වයිරෝඩි බැඳපු මාලයක්ද
මොන කෙහෙල්මල් මාලයක්ද කියන්න මම දන්නේ නැ
Teeka 1


Teeka 2


Teeka 3


Teeka 4